දේශීය

රුපියල් 50කට ඝාතනයක් සිදුකළ සැකකරු අත්අඩංගුවට

රුපියල් 50කට ඇතිවූ ආරවුලක් මුල්කරගෙන ගල්කිස්ස ආපනශාලාවක් තුළදී එහි හිමිකරුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.

 

සැකකරු ඝාතනය සඳහා යොදාගත් පිහිය ද පොලිස් භාරයට ගෙන ඇත.

 

ඉකුත් 22 වනදා සැකකරු මරණකරුට කොස් අලෙවි කිරීමට පැමිණ එයට රුපියල් 250ක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර ආපනශාලා හිමිකරු දියහැක්කේ රුපියල් දෙසීයක් බව පැවසීමෙන් අනතුරුව ඇති වූ බහින්බස්වීමක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

අපරාධයෙන් අනතුරුව පළාගොස් සිටි සැකකරුව, පොලීසියට ලද තොරතුරක් අනුව රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

 

තිස් එක් හැවිරිදි සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – රියදුරාටත් ප්‍රහාරයක්

Mohamed Dilsad

මහවැලි ගඟ පහළ නිම්නයට මහා ගංවතුරක් ; ප්‍රදේශ රැසක් යටවෙයි…

Editor O

ඖෂධ ප්‍රශ්නයේදී කෙහෙලිය වැරැදිනම් , නලින්ද ජයතිස්සත් වැරැදියි…! – චරිත් අබේසිංහ

Editor O

Leave a Comment