දේශීය

වන්දනාවේ යමින් සිටි තිරික්කල පෙළට බස් රථයක් කඩාවදී

බස් රථයක් තිරික්කල 05ක ගැටීමෙන් අද (07) දහවල් අනතුරක් සිදුවී තිබේ.

 

තන්තිරිමලේ වැව් බැම්ම මතදී අනතුර සිදුවී ඇත.

 

මන්නාරම සිට පුත්තලම ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගීවීමට යමින් සිටි පුද්ගලයින් පිරිසක් රැගත් බස් රථයක්, මඩු වන්දනාවේ යමින් තිබූ තිරික්කල් 05ක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

 

අනතුරින් තිරික්කලවල ගමන් කරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.

 

පොලීසිය සඳහන් කළේ ගවයින් 04 දෙනෙකුට ද අනතුරින් තුවාල සිදුවී ඇති බවය.

 

බස් රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.

 

 

Related posts

ලංකා බැංකුවට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

ලංවිම සේවකයෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරයි

Editor O

මෙරට PCR පරීක්ෂණ 41,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment