දේශීය

රජයේ ගොඩනැගිලි සඳහා කඩිනමින් සූර්ය පැනල

රජයේ ගොඩනැගිලිවල සූර්ය පැනල සවිකර විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය 90%ක් පමණ නිමකර ඇති බව සඳහන් වෙයි.

 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ එම තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය අප්‍රේල් 15 වනදා වනවිට නිම කිරීමට අපේක්ෂා කරන බවය.

 

මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් ඉන්දියාවෙන් ලැබෙයි.

 

මෙහි ටෙන්ඩර් ක්‍රියාවලිය සහ ඊට අදාළ මිලදී ගැනීම් කටයුතු ඉන්දීය එක්සිම් බැංකුව මගින් සිදුකිරීමට නියමිතය.

Related posts

මැයි 01 දා මත්පැන් අළෙවිසැල් වසා තැබීම පිළිබඳ දැනුම්දීමක්

Editor O

නව සන්ධානයේ නායකත්වය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

පැය 16ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment