දේශීය

අද පස්වරුවේත් වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

අද දිනයට අදාළ කාලගුණ වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බවය.

 

මේ අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

 

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

 

එසේම දෘශ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේදී සූර්යා අද දින දහවල් 12.13ට කොරලවැල්ල, ඉංගිරිය, කිරිඇල්ල, ඇඹුල්දෙණිය, හල්දුම්මුල්ල, රත්මල්වෙහෙර සහ වරදෙණියාව යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

 

 

Related posts

ඉදිරි සතිය තීරණාත්මකයි – විශේෂඥ වෛද්‍ය විද්‍යාල අනතුරු අඟවයි

Mohamed Dilsad

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් මැති-ඇමතිවරු

Editor O

අගමැති අද ජී 20 අන්තර් ආගමික සමුළුව අමතයි

Mohamed Dilsad

Leave a Comment