විදෙස්

අමෙරිකාවේ කාලගුණය හදිසියේම වෙනස් වෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එක්සත් ජනපදෙයේ ප්‍රාන්ත කිහිපයක් ටොනෙඩෝ අනතුරු ඇඟවීම් යටතේ පවතින බවය.

 

මෙම ටොනෙඩෝ තත්ත්වය හේතුවෙන් නිවාස 400ක් පමණ සම්පූර්ණ‍යෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.

 

පසුගිය සතියේ මිසිසිපි ප්‍රාන්තයට බලපෑ මෙවැනිම ටොනෙඩෝ තත්ත්වයකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් නිවාස හා දේපළ රැසකට දැඩි අලාභ හානි සිදුව තිබුණි.

 

එක්සත් ජනපද කාලගුණ බලධාරීන් පවසන්නේ අවසන්වරට මෙවැනි අධි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබු‍ණේ මීට වසර දහයකට පෙර බවය.

 

ඉදිරි පැය කිහිපය ඇතුළත අවාසනාවන්ත ලෙස අධික වැසි, ටොනෙඩෝ සහ දැඩි හානිදායක තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ බලධාරීන් ප්‍රකාශ කර ඇත.

 

 

Related posts

ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසළ ට එල්ල වූ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 05ක් මියයයි

Editor O

ඇෆ්ගන් ට්‍රාන්පෝමර් කිහිපයකට තලෙයිබාන්ගෙන් ප්‍රහාරයක්

Mohamed Dilsad

තායිවාන ගුවන් අනතුරෙන් හමුදා ප්‍රධානියා ඇතුළු 8ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment