දේශීය

අල්ලස් නඩුවකින් සජින් වාස් නිදහස්

මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී බිම් මෙහෙයුම් උපකරණ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 883ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

 

අදාළ නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මතුකළ මූලික විරෝධතාවක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම තීන්දුව ලබා දුන්නේය.

 

අල්ලස් කොමිසම විසින් එම නඩුව පවරා තිබුණි.

 

 

Related posts

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

සාමයට ඇති තර්ජන ගැන පොලිස් ඇමති කියයි.

Editor O

විශේෂ පක්ෂ නායක රැස්විමක් හෙට

Mohamed Dilsad

Leave a Comment