දේශීය

දේශබන්දුට එරෙහි පැමිණිල්ලට පනවා ඇති තහනම් නියෝගය දීර්ඝ කෙරේ

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට වැඩි මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික නඩුවක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන මැයි මස 19 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

 

එම පුද්ගලික පැමිණිල්ල බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය එම නියෝගය කළේය.

 

 

Related posts

ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ගැන දැනුම්දීමක්

Editor O

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

Editor O

ලන්ඩන් සිට දිවයිනට පැමිණි 148 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment