දේශීය

මෙරට හැර ගිය ලාංකිකයාට සිදුවු අකරතැබ්බය

එක්සත් රාජධානියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු තමිල්නාඩු වෙරළ තීරයේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් සිය භාරයට ගෙන තිබේ.

 

ඔහු එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු බව වාර්තා වෙයි.

 

ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පැවසුවේ ඊයේ (25) එම පුද්ගලයා සිය භාරයට ගත් බවය.

 

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 39 හැවිරිදි ජගන් ප්‍රනාන්දු මනෝකරන් නැමැති පුද්ගලයෙකි.

 

මනෝකරන් සරණාගතයෙකු ලෙස ශ්‍රී ලංකාව හැර ගොස් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවට කොන්දේසියක් මත ස්ථිර වීසා ලබාගෙන ලන්ඩනයේ පදිංචිව සිට ඇති බවට වාර්තා වේ.

 

මනෝකරන්ට සෘජුව ලංකාවට යා නොහැකි බැවින් ඉන්දියාවට පැමිණ නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ඔහු ඉදිරි විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය වෙත භාරදීමට නියමිතය

Related posts

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හමුවීමට, නීතීඥ උදය ගම්මන්පිළට අවසර

Editor O

ලංකා ගුරු සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු නයිජීරියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment