දේශීය

පොලිස්පතිට සේවා දිගුවක්

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

එම කාලසීමාවෙන් අනතුරුව පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය අද (25) දිනයේදී අවසන්වීමට නියමිතව තිබුණි.

 

එවන් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ (24) සාකච්ඡාවක් පවත්වා තිබුණි.

 

එහිදී ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත මාස තුනක සේවා දිගුවක් ලබාදීමටය.

 

ඉන් අනතුරුව පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

Related posts

“ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින්ම ඉන්දියාව උපකාර කලා”

Mohamed Dilsad

නළ ජලය ගැන බය හිතෙන හෙළිදරව්වක්

Editor O

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි අයට එන්නත්කරණය හෙට සිට

Mohamed Dilsad

Leave a Comment