Trending Newsඑසැන පුවත්දේශීය

නළ ජලය ගැන බය හිතෙන හෙළිදරව්වක්

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පානීය ජලය පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද හුණුගල් ආශ්‍රිත පිරිසිදුකාරක තොගයක් ප්‍රමිතියෙන් තොර බවට රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක මහතා මෙසේ ද කීවේය. ශ්‍රී කාවේ වැඩියෙන්ම බීමට ගන්නේ නළ ජලය. මේ ජලය පිරිසිදු කිරීමේදී මාර්ගෝපදේශ තිබෙනවා. ලංකාවට හුණු කන්ටේනර 27ක් ඇවිත් තියෙනවා. මෙට්‍රික් ටොන් 550ක්. මේක ලංකාවේ රසායනාගාර පරීක්ෂා කිරීමේදී ක්‍රෝමියම් සංයුතිය 14ක්. මේක කොහොමද ලංකාවට ආවේ. සාමාන්‍යයෙන් ක්‍රෝමියම් උපරිම තියෙන්න පුළුවන් මිලිග්‍රෑම් 10යි. මේ සංඝටකයෙන් පුළුවන් පිළිකා සෛල ඇති කරන්න. වකුගඩු රෝග ඇති කරන්න”.

මෙම චෝදනා සම්බන්ධයෙන් 07 වෙනිදා විෂයභාර අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරන බව ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Related posts

Australia ball-tampering bans are unfair, player union says

Mohamed Dilsad

ஊடகவியலாளர்களுக்கு வழங்கப்படும் புலமைப்பரிசில் நிதியை அதிகரிக்க நடவடிக்கை

Mohamed Dilsad

ஹன்சிகா படத்திற்காக இடைவிடாமல் உழைக்கும் சிம்பு?

Mohamed Dilsad

Leave a Comment