දේශීය

පල්ලෙකැලේ සිටි රැඳවියෙක් මහවැලි ගඟට බිලිවෙයි

පල්ලෙකැලේ එලිමහන් කඳවුරේ සිටි රැඳවියෙකු මහවැලි ගඟේ ගිලීමෙන් අතුරුදන්ව තිබේ.

 

පොලීසිය පැවසුවේ අදාළ රැඳවියා අත්අඩංගුවෙන් මිදී පළායාම සඳහා මහවැලි ගඟට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

 

අතුරුදන් වූ රැඳවියා 34 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

හොරොයින් ළඟතබා ගැනීමේ වදරකට බන්ධනාගාර ගතව අදාළ රැඳවියා පුනුරුත්ථාපනය වෙමින් සිටි අයෙකු බව පොලීසිය පැවසුවේය.

 

පොලීසියේ සහ නාවික හමුදාවේ සහය ඇතිව රැඳවියාගේ සිරුර සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related posts

අද සිට පාර්ලිමේන්තුව නරඹන්න ජනතාවට අවස්ථාවක්

Mohamed Dilsad

පූගොඩ පොලිසියේදී තරුණයෙකු මියයාමේ සිද්ධියට 4 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

Mohamed Dilsad

Leave a Comment