දේශීය

ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන් ට තහනමක්

ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ ලිංගික සංක්‍රාන්තික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශය නියෝජනය කිරීම තහනම් කර තිබේ.

 

ජාත්‍යන්තර මලල ක්‍රීඩා පාලක මණ්ඩලයේ සභාපති කෝ සාමිවරයා පවසන්නේ වැඩිවියට පත්වූ කිසිදු ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවකට මාර්තු 31 වනදා සිට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා තරග කිරීමට අවසර ලබානොදෙන බවය.

 

කෙසේවෙතත් ලිංගික සංක්‍රාන්තික සුදුසුකම් මාර්ගෝපදේශ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවනු ඇති බවද වාර්තා වෙයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම දින 2 කට වරක්

Mohamed Dilsad

දිවි පරදුවට තබා ජීවිත 4ක් බේරූ අපේ වීරයෝ

Mohamed Dilsad

Leave a Comment