දේශීය

අයියා සහ නංගී සැඩ පහරකට හසුවෙයි

කුඩා දිය පහරකින් එගොඩවීමට ගිය එකම පවුලේ දරුවන් දෙදෙනෙක් දියේ ගසාගෙන ගොස් තිබේ.

 

අද (23) සවස ඇතිවූ අධික වර්ෂාවත් සමග ගලාආ සැඩ පහරකට හසුවී එම දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණ දී ඇත.

 

හාලිඇළ පොලිස් වසමට අයත් බෝගොඩ ගම්මානයේ පදිංචි එම දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණදී තිබුණේ, බෝගොඩ – හළාඹ මාර්ගය හරහා ගලායන දිය පහරකදීය.

 

10 හැවිරිදි යසිදු උමේස් සත්සර (අයියා) සහ 08 හැවිරිදි දස්මි නදීකා (නංගි) මෙම අනතුරට මුහුණදී තිබුණේ‍ කුලීවැඩ සඳහා නිවසින් පිටවගිය අම්මා නැවත නිවසට පැමිණිම පමාවු නිසා ඇය පිළිබඳ සොයාබැලීම සඳහා ගිය අවස්ථාවේදීය.

 

සැඩ ජල පහරට ගසාගෙන ගිය දරුවන් සොයා පොලීසිය ගම්වාසීන් සමග එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Related posts

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

‘ඩිසල් නැවට මුදල් ගෙවයි’ – බලශක්ති ඇමති

Mohamed Dilsad

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 14 ක් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment