දේශීය

අයියා සහ නංගී සැඩ පහරකට හසුවෙයි

කුඩා දිය පහරකින් එගොඩවීමට ගිය එකම පවුලේ දරුවන් දෙදෙනෙක් දියේ ගසාගෙන ගොස් තිබේ.

 

අද (23) සවස ඇතිවූ අධික වර්ෂාවත් සමග ගලාආ සැඩ පහරකට හසුවී එම දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණ දී ඇත.

 

හාලිඇළ පොලිස් වසමට අයත් බෝගොඩ ගම්මානයේ පදිංචි එම දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණදී තිබුණේ, බෝගොඩ – හළාඹ මාර්ගය හරහා ගලායන දිය පහරකදීය.

 

10 හැවිරිදි යසිදු උමේස් සත්සර (අයියා) සහ 08 හැවිරිදි දස්මි නදීකා (නංගි) මෙම අනතුරට මුහුණදී තිබුණේ‍ කුලීවැඩ සඳහා නිවසින් පිටවගිය අම්මා නැවත නිවසට පැමිණිම පමාවු නිසා ඇය පිළිබඳ සොයාබැලීම සඳහා ගිය අවස්ථාවේදීය.

 

සැඩ ජල පහරට ගසාගෙන ගිය දරුවන් සොයා පොලීසිය ගම්වාසීන් සමග එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Related posts

සියලුම වාහන ආනයනයට සැරසෙයි

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය : වගඋත්තරකරුවෙකු වූ රනිල් ගැන ශ්‍රේෂ්‍ඨාධිකරණය ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment