දේශීය

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 14 ක් පිටව යයි

(UTV | කෝවිඩ් -19) – බූස්ස නාවික කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන කටයුතු අවසන් කල තවත් පුද්ගලයින් 14 ක් අද (01) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව ගියේය.

ඔවුන්ට රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් නාවික හමුදාව කටයුතු කළේය.

ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 218ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 99 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

Related posts

බැකෝ සමන්ගේ පවුලේ අයගේ බැංකු ගිණුම් කිහිපයකට වාරණ නියෝග

Editor O

මෙරට රබර් නිෂ්පාදන අපනයන ආදායම ඉහළට

Mohamed Dilsad

කොළඹ වරායටත් CCTV පද්ධතියක්

Mohamed Dilsad

Leave a Comment