දේශීය

දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙන IMF සහනය

ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

ඒ යටතේ ඩොලර් මිලියන 333ක් මෙරටට නිදහස් කිරීමට නියමිතය.

 

ඩොලර් බිලියන 3ක් වූ විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත්කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්රුවර් ඒ බව පැවසීය.

 

මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කළේය.

 

ඔහු තවදුරටත් පැවසුවේ මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා “ධන බද්දක්” ද මෙම වැඩසටහනට ඇතුළත් බවය.

Related posts

22 වන කොරෝනා රෝගියා හදුනා ගනී

Mohamed Dilsad

රටේ ආර්ථික අර්බුදය ගැන සිතා තීරණයක් ගත්තා

Mohamed Dilsad

කෝටි දෙකක හෙරොයින් සමඟ යුවලක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment