දේශීය

දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙන IMF සහනය

ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

ඒ යටතේ ඩොලර් මිලියන 333ක් මෙරටට නිදහස් කිරීමට නියමිතය.

 

ඩොලර් බිලියන 3ක් වූ විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත්කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්රුවර් ඒ බව පැවසීය.

 

මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කළේය.

 

ඔහු තවදුරටත් පැවසුවේ මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා “ධන බද්දක්” ද මෙම වැඩසටහනට ඇතුළත් බවය.

Related posts

මාලිනී තම සැත්කමට ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලීම් කළ ලිපි මෙන්න

Editor O

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව මංසන්ධියෙන් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment