දේශීය

පවුල් ආරවුලක් නිසා සැමියා නිවසට ගිනිතබයි

බිරිඳ සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් නිවසට ගිනිතැබීමේ සිද්ධියක් මොරටුවෙන් වාර්තා විය.

 

මොරටුමුල්ල පොලිස් වසමේ බොල්ගොඩසිරි මාවත, කඩලාන ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය ඇතිවී තිබේ.

 

බිරිඳ සහ දරුවන් දෙදෙනා ඥාති නිවසකට ගොස් ඇති අවස්ථාවේදී ස්වාමි පුරුෂයා විසින් එලෙස නිවසට ගිනිතබා ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් බිරිඳ විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

 

ගින්නෙන් නිවසේ දේපළ රැසක් ගිනිගෙන විනාශ වී ඇති අතර පාසල් වයසේ පසුවන දරුවන් දෙදෙනාගේ පොත්පත් රැසක් ද ගින්නට පිළිස්සී තිබේ.

Related posts

රන් පවුම ලක්ෂ 4 ට ළඟාවෙයි

Editor O

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 5 ඉක්මවයි

Mohamed Dilsad

මෙරට ගෝණුස්සන් 200 ක් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment