දේශීය

අද කාලගුණය වෙනස්වෙන්නේ මෙහෙමයි

අද දිනයේ දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

අද (10) දිනට අදාළ කාලගුණ වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි.

 

මේ අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

මේ අතර එම දෙපාර්තමේන්තුව පවසන්නේ ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවය.

 

එසේම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

රතන හිමියෝ දිවුරුම් දෙති

Mohamed Dilsad

අර්ජුන ඇලෝසියස්ගේ බිලියන 3.5 බදු වටිනාකම රජයට අයකර ගන්නවා – දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලි චන්ද්‍රසේකර

Editor O

මධ්‍යම පළාතේ දෙමළ මාධ්‍ය පාසල් නොවැම්බර් 01දා නිවාඩුයි.

Editor O

Leave a Comment