දේශීය

කටාන කැලඹූ ගින්න – ගොඩනැගිලි 5ක් විනාශයි

කටාන පොලිස් වසමේ, කටාන දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මිරිස් වත්ත ප්‍රදේශයේ පිහිටි කොහු ආශ්‍රිත නිෂ්පාදන කරනු ලබන ආයතනයක හදිසි ගින්නක් හටගෙන තිබේ.

 

එම ආයතනය ගොඩනැගිලි 12 පමණ පිහිටා ඇති අතර, ගින්නෙන් ගොඩනැගිලි 5කට දැඩි හානි සිදුව ඇත.

 

මේ වනවිට ගොඩනැගිලි 4ක පමණ ගින්න නිවා දමා ඇති අතර ඉතිරි ගොඩනැගිල්ලේ ගින්න පාලනය කරමින් සිටින බව අප වාර්තාකරු පැවසීය.

 

ගින්න පැතිරයෑම වැළැක්වීමට ගිනි නිවීමේ රථ 5ක් සහ ජල බවුසර් 5ක් යොදා ගෙන තිබේ.

 

ගින්නෙන් ආයතනයේ දේපළවලට දැඩි හානි සිදුව ඇති අතර ජීවිත හානි සිදුව නොමැත.

 

සිදුවු අලාභය මෙතෙක් ගණනය කර නොමැත.

 

කටාන පොලීසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි.

 

 

Related posts

එජාපය සහ සජබය එක්කිරීමට අභ්‍යන්තර සාකච්ඡා

Mohamed Dilsad

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය රතන හිමිට

Mohamed Dilsad

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Mohamed Dilsad

Leave a Comment