දේශීය

කටාන කැලඹූ ගින්න – ගොඩනැගිලි 5ක් විනාශයි

කටාන පොලිස් වසමේ, කටාන දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මිරිස් වත්ත ප්‍රදේශයේ පිහිටි කොහු ආශ්‍රිත නිෂ්පාදන කරනු ලබන ආයතනයක හදිසි ගින්නක් හටගෙන තිබේ.

 

එම ආයතනය ගොඩනැගිලි 12 පමණ පිහිටා ඇති අතර, ගින්නෙන් ගොඩනැගිලි 5කට දැඩි හානි සිදුව ඇත.

 

මේ වනවිට ගොඩනැගිලි 4ක පමණ ගින්න නිවා දමා ඇති අතර ඉතිරි ගොඩනැගිල්ලේ ගින්න පාලනය කරමින් සිටින බව අප වාර්තාකරු පැවසීය.

 

ගින්න පැතිරයෑම වැළැක්වීමට ගිනි නිවීමේ රථ 5ක් සහ ජල බවුසර් 5ක් යොදා ගෙන තිබේ.

 

ගින්නෙන් ආයතනයේ දේපළවලට දැඩි හානි සිදුව ඇති අතර ජීවිත හානි සිදුව නොමැත.

 

සිදුවු අලාභය මෙතෙක් ගණනය කර නොමැත.

 

කටාන පොලීසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි.

 

 

Related posts

පළාත් පාලන ආයතන කිහිපයකට ඇප මුදල් තැන්පත් කරයි.

Editor O

අදත් 175 දෙනෙකුට පුර්ණ සුවය

Mohamed Dilsad

සුමන්තිරන් මහජන මුදල් කාරක සභාවේ සභාපති ධූරයට

Mohamed Dilsad

Leave a Comment