දේශීය

මෙරට මිට්සුබිෂී වාහනහිමියන්ට නිවේදනයක්

වසර හැටකට ආසන්න කාලයක් මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කළ ජපානයේ මිට්සුබිෂී සමාගම එම මෙහෙයුම් නතර කිරීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව මිට්සුබිෂී සමාගමේ කොළඹ කාර්යාලය එළඹෙන මාර්තු 31 වනදා වසා දැමීමට තීරණය කර ඇත.

 

ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරීම ද මිට්සුබිෂී සමාගමේ මෙම තීරණයට හේතුවී ඇති බව වාර්තා වෙයි.

 

එම සමාගමේ මුල්ම විදෙස් කාර්යාල කිහිපය අතරට ශ්‍රී ලංකාව ද එක්වී සිටි අතර මෙරට සහ ජපානය අතර ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන හවුල්කරුවකු ලෙසද මිට්සුබිෂී සමාගම ක්‍රියා කළේය.

 

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් යුනයිටඩ් මෝටර්ස් ආයතනය පවසන්නේ ජපානයේ මිටිසුබිෂී සමාගම සහ තම සමාගම අතර පවතින රථවාහන ගනුදෙනු අඛණ්ඩව සිදුකරගෙන යන බවය.

 

ඒ අනුව මිට්සුබිෂී රථ වාහන සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයින් හට පෙර පරිදි සිය සමාගම සමග කටයුතු කරගෙන යාහැකි බව යුනයිටඩ් මෝටර්ස් ආයතනය සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.

Related posts

කොරෝනා මර්දනයට පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන් 100ක්

Mohamed Dilsad

සුපිරි වාහන සඳහා යොදන සුපිරි ඉන්ධන මිල අඩු කරයි.

Editor O

ඉබ්බාගමුව ප්‍රදේශයෙන් කොරෝනා මරණයක්

Mohamed Dilsad

Leave a Comment