විදෙස්

තුර්කියේ සහන කටයුතු සඳහා යන කණ්ඩායම සූදානම් කෙරේ

එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලත් වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු හමුදා බලඇණියක් භූ කම්පනයෙන් බලපෑම් එල්ලවූ තුර්කියේ සහන කටයුතු සඳහා යොමුකිරීමට රජය තීරණය කර තිබේ.

 

තුර්කියට මානුෂීය ආධාර ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

රජයේ සහ පෞද්ගලික අංශයේ නිෂ්පාදන තුර්කියට යැවීමට ද නියමිත අතර අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වෙයි.

 

සිරියාව සඳහා වූ මානුෂීය ආධාර ලෙබනනය හරහා ලබාදීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසීය.

 

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

Mohamed Dilsad

නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස අභිෂේක ලබයි.

Mohamed Dilsad

පැය 24 ක් තුළ ඉන්දියාවේ කොරෝනා මරණ දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment