දේශීය

ව්‍යවස්ථාදායක සභාව අද යළි රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (09) යළි රැස්වීමට නියමිතව තිබේ.

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.00ට ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

 

පසුගිය 7 වන දින ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අතර එහිදි අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු පත් කිරීමට අනුමැතිය ලබාදෙනු ලැබීය.

 

මේ අතර කොමිෂන් සභාවල සාමාජිකයින් ලෙස පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම මීට පෙර තීරණය කළ ආකාරයට පෙබරවාරි මස 15 වන දින අවසන් කිරීමට ද ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ.

 

අයඳුම්පත් කැඳවීමට අදාළ දැන්වීම නැවත වරක් එම සති අන්ත පුවත්පත්වල පළ කිරීමට ද නියමිතය.

 

 

Related posts

ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම හෙට (26) පැරෑලියේදී

Editor O

පොලිස්පති තනතුර කාටද ?

Mohamed Dilsad

12 ත් 15 ත් අතර දරුවන්ට ෆයිසර් සුදුසු බවට යුරෝපයෙන් අනුමැතියක්

Mohamed Dilsad

Leave a Comment