දේශීය

පාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයි

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනුනි.

 

ඒ භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමගය.

 

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මහා සංඝරත්නය අද (08) පෙරවරුවේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් මෙම විරෝධතා පාගමන ආරම්භ කළහ.

 

එහිදී පොලිසිය පාගමනට බාධා එල්ල කළත් භික්ෂූන් වහන්සේ අඛණ්ඩව විරෝධතාවයේ නිරත වූහ.

 

අනතුරුව භික්ෂූන් වහන්සේ පාගමනින් දියත උයන පසුකරමින් පොල්දූව මංසන්ධිය දක්වා වැඩම කළහ

Related posts

එතනෝල් ප්‍රවාහනය කළ සැරයන්වරයාගේ වැඩ තහනම් කෙරේ [UPDATE]

Mohamed Dilsad

අමෙරිකාවට යන්න අවස්ථාව මෙන්න

Mohamed Dilsad

රටේ වත්මන් තත්ත්වය පිළිබදව අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment