දේශීය

සරසවි සිසුවියගේ මරණය ගැන තවත් තොරතුරු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක විශ්වවිද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය සිහිසුන් ගතියකින් සිටිය දී පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මරණයට පත්ව තිබුණි.

 

එසේ මියගොස් ඇත්තේ රිදීගම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි අබේවර්ධන මුදලිගේ දොන් විද්‍යානි මදුමාලිකා ද සිල්වා නැමැති සිසුවියකි.

 

ඇය කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ ආදි සිසුවියකි.

 

ඇය කලක සිට මානසික ආතතියකින් පෙළී ඇති අතර ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇත බවද පැවැසේ.

 

සිහිසුන්ව සිටි සිසුවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිහිය ලැබීමෙන් පසුව මානසික ආතතිය සඳහා ලබාදුන් ඖෂධ මාත්‍රාව ප්‍රමාණය ඉක්මවා ගත් බව පවසා ඇති බවද කියයි.

 

නැවත අසාධ්‍ය තත්ත්වයට පත් ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරව මරණයට පත්ව ඇත.

 

ඇය මරණයට පත්ව ඇත්තේ රෝගී තත්ත්වය සඳහා ගන්නා ලද ඖෂධ මාත්‍රාව වැරදීමකින් ප්‍රමාණය ඉක්මවා ගත් නිසාද නැත්නම් සියදිවි හානිකර ගැනීමට සඳහා සිතාමතාම ගත් නිසාද යන්න සෙයා බැලීම සඳහා පොලිස් පරීක්ෂණ සිදුකෙරන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ප්‍රකාශයෙක් පැවසීය.

 

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විජිත විජේකෝන් මහතාගේ අධීක්ෂණය මත සිද්ධිය පිළිඳව පොලිස් පරික්ෂණ පේරාදෙණිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Related posts

යුගදනවි ගිවිසුම ගැන ලබන සතියේ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

වැල්ලවත්ත මුහුදේ පුද්ගල මළ සිරුරු 2ක් හමුවේ

Mohamed Dilsad

වේල්ලවීදියෙන් සොයාගත් මළ සිරුර පිළිබඳ විමර්ශණ තවදුරටත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment