දේශීය

මැතිවරණ කොමිසම වියදම අඩුකරයි

ජනතාව මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී උසුළු විසුළු නොකර, ජනතා පරමාධිපත්‍ය සුරැකීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

 

අද (28) පැවති නිදහස් ජනතා සන්ධානයේ මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, පළාත් පාලන මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 1.1 දක්වා අඩු කිරීමට හැකි බව මැතිවරණ කොමිසම අද (28) පැවති සාකච්ඡාවකදී දැනුම්දී ඇති බවය.

 

ඒ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

 

“රටේ ජනාධිපති මේ ආර්ථික අර්බුදයෙන් දුකට විපතට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට උත්තර සපයනවා වෙනුවට.. පාර්ලිමේන්තුවට ඇවිල්ලා සාක්කු දෙකට අත්දෙක දාගෙන කැරකි කැරකි.. තියන්න ඡන්දයෙකුත් නැහැ ඡන්දය තියන්න සල්ලිත් නැහැ කියලා කෝලම් කියන එක බලන්න අමාරුයි.. ඔය ඔක්කොම පීඩනයට වඩා.”

 

“අද අපේ නිදහස් ජනතා සන්ධානයේ ලේකම් තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවී සාකච්ඡා කරන්න ගියා. ඒ අය දන්වලා තියෙනවා බිලියන 1.1ක්.. අවම මේ මුදල දෙන්න අපි ඡන්දෙ තියන්න ලෑස්තියි කියලා. බිලියන 1.1ක් භාණ්ඩාගාරයේ නැහැ කියලා කියනවා නම් කාටවත් පිළිගන්න බැහැ.”

 

 

Related posts

බන්ධනාගාර ‍රැදවියන් රැසක් නිදහස් කිරීමට ආණ්ඩුවේ අවධානය

Mohamed Dilsad

රිෆ්කාන් බදියුදීන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

උපකාරක පන්ති ආරම්භ කිරීමට අද සිට අවසර

Mohamed Dilsad

Leave a Comment