දේශීය

හයිලෙවල් යන බස්වලට විශේෂ දැනුම්දීමක්

‍හෙට (01) දිනයේ සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ.

 

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවය.

 

“බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉදිරිපිට තියෙන හයිලෙවල් මාර්ගයෙන් බස්රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හා පැටවීම ආදිය කිරීම නිසා මාර්ග අනතුරු හා මගීන්ගේ ජීවිත පිළිබඳ අවධානමක් ඇති වෙලා තියෙනවා. අපි තීන්දුවකට ඇවිල්ලා තියෙනවා කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ මගීන් පැටවීමට හෝ මගීන් බැස්සවීමට වාහන නැවැත්වීම සපුරා තහනම්. මේ මාර්ගයේ ගමන්කරන මගීන් ප්‍රවාහනය කරන සියලූම බස්රථ මාර්තු මස 1 වනදා සිට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළට පැමිණ ඒ හරහා කටයුතු කරන්න නියම කරනු ලබනවා. මේ නියමය සියලුම බස්රථවලට අදාළ වෙනවා. එසේ නොමැතිව පැමිණිලි ලැබිලා තිබුණොත් පරීක්ෂණයකින් පසුව ගමන් බලපත්‍රය අහෝසි කරන්න සිද්ධවෙනවා.”

Related posts

හරිනි ට එරෙහිව විමල් වීරවංශ අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹයි….

Editor O

“22 සම්මත වීම රජයට අභියෝගයක්”

Mohamed Dilsad

රනිල්, හර්ෂ, කබීර් ඇතුළු විපක්ෂ ප්‍රභලයෝ පිරිසක් ඇමරිකා තානාපතිනිය හමුවෙයි.

Editor O

Leave a Comment