දේශීය

සරසවි සිසුවියගේ ඝාතනයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව මෙන්න

කොළඹ තුරඟ තරග පිටියේදී පිහි ඇණුමකින් ඝාතනය කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ මරණය ගෙල ප්‍රදේශයට සිදුවූ තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනයවීමෙන් සිදුවූ මරණයක් බවට අද අධිකරණය ප්‍රකාශ කර තිබේ.

 

අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේ මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.

 

මෙම සිද්ධියට අදාළ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තා සැලකිල්ලට ගැනීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

 

එම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකාර සරසවි සිසුවා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තාවක් මගින් අධිකරණයට දැනුම්දී තිබුණි.

 

අධිකරණය එහිදී නියෝග කර ඇත්තේ සැකකාර සිසුවා මාර්තු මස 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසටය.

 

අදාළ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට එහිදී අධිකරණය කුරුඳුවත්ත පොලීසිය වෙත නියෝග කර ඇත.

Related posts

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

ඉදිරිපත් නොවුණොත් රාජිතගේ දේපොළ තහනම්…?

Editor O

Leave a Comment