දේශීය

ආනයනික බිත්තරයක් රුපියල් 30යි

ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30ක වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරනු ලබන බිත්තර වෙළෙඳපොළට නිකුත් නොකරන බවය.

 

මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට රජය පියවර ගත්තේය.

 

බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අපයෝජනයට ලක්වු දැරියගේ තොරතුරු විමර්ශනයට

Mohamed Dilsad

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදිතයන් 190 ක්

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා මරණයක්

Mohamed Dilsad

Leave a Comment