දේශීය

ශ්‍රී ලංකාවේ ණය ගැටලුවට සහාය වීමට ජී -20 රටවල් එකඟ වෙයි

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී -20 රටවල් තීරණය කර තිබේ.

 

ඉන්දියාවේ බැංගලෝර්හි පැවති ජී -20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

 

එහිදී ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව ඇතුළු අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා සහන ලබාදිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමුකර විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතා හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

 

ණය අර්බුදය විසඳීමට සහ ණය පීඩාවට පත් රටවලට පහසුකම් සැලසීමට නිල ද්වී පාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන්ගේ බහු පාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අවශ්‍ය බවට ජී – 20 හමුවේදී අවධානය යොමුකර තිබේ.

 

ජී -20 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය නිරාකරණය සම්බන්ධයෙන් පොදු රාමුවක් යටතේ කාලෝචිත සහ ක්‍රමවත් ක්‍රියාවලියක් අවශ්‍ය බවය.

 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ජී -20 රටවල නියෝජිතයින් පොදු එකඟතාවකට පැමිණීමේ කඩිනම් අඅවශ්‍යතාවය පිළිබඳව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 

Related posts

මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

40,000කට වැඩි සංඛ්‍යාවක් නිරෝධායනය අවසන්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා මිල පරාසයක් නිවේදනය කරයි.

Editor O

Leave a Comment