දේශීය

හමුදා සෙබළාගේ සියදිවි නසාගැනීම ගැන පොලිස් විමර්ශනක්

පනාගොඩ යුද හමුදා කඳවුරේ දී ඊයේ (24) සෙබළෙකු විසින් සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පවසයි.

 

ඔහු පැවසුවේ අදාළ යුදහමුදා සෙබළා සිය රාජකාරී ටී 56 ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇති බවය.

 

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි එම හමුදා කඳවුරේම සේවයේ නියුතුව සිටි හමුදා සෙබළෙකි.

 

ඔහු මාතලේ නාවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා විය.

 

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

Related posts

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අත්හිටුවයි. වැය වූ මූලික වියදම ලබාදෙන ලෙස අදානි සමාගම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි.

Editor O

ශ්‍රී ලංකාවේ බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව මැදිහත් වෙයි

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment