දේශීය

ඉන්දීය කුල භේදය අමෙරිකාවටත් වදයක් වෙයි – අලුත් නීතියකුත් සම්මත කෙරෙයි

ඉන්දීය හින්දු භක්තිකයින් ලොව පුරා විවිධ රටවල ජීවත් වෙයි.

 

අමෙරිකාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඉන් ප්‍රමුඛය.

 

විදෙස් රටවල ජීවත් වුවද ඉන්දියානුවන් අතර ඇති කුල භේදය එම රටවල සමාජ පැවැත්මටද කරදරයක් වී ඇති බවට සාක්ෂි එමටය.

 

එවන් පසුබිමක අමෙරිකාවේ සියැටල් නගර බලධාරීන් අලුත් නීතියක් සම්මත කර තිබේ.

 

ඒ කුලය අනුව යමෙකුට පහත්කොට සැලකීම තහනම් කරමිනි. එම නගරයේ කවුන්සිලය ඊට අදාළ නීති සම්මත කර තිබුණි.

 

විදෙස් මාධ්‍ය පවසන්නේ “දකුණු ආසියානු ඩයස්පෝරාව” සැලකිල්ලට ගැනීමේදී මෙය සුවිශේෂී තීරණයක් බවය.

 

එහි ඉන්දීය විශේෂයෙන්ම හින්දු භක්තිකයින් සැලකිය යුතු පිරිසක් ජීවත් වෙති.

 

මෙම නීතිය මගින් සමාජ බෙදීම් අඩුවෙතැයි අනුමාන කෙරේ.

Related posts

කොරෝනා ආසාදිත නාවික පිරිසක් හමුවීමෙන් සමස්තය යළි ඉහළට

Mohamed Dilsad

‘වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුයි යන ස්ථාවරයේ දැන් 113 වෙනුවට 120ක්ම ඉන්නවා’

Mohamed Dilsad

දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment