දේශීය

රත්නපුරේ වතු යායකින් දරු දෙදෙනකුගේ මළ සිරුරු හමුවෙයි

වයස අවුරුදු හතක සහ වයස අවුරුද්දක් වන දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු රත්නපුර වතුයායක තිබියදී අද (19) සොයාගැනුණි.

 

දරුවන් දෙදෙනාගේ මළ සිරුරු එලෙස සොයාගැනුණේ, රත්නපුර කරපිංච ප්‍රදේශයේ ශාන්ත ජෝකිම් වතු යායෙනි.

 

එසේ මියගොස් තිබුණේ ශාන්ත ජෝකිම් වත්තේ අංක 4 නිවාස පෙළෙහි පදිංචිව සිටි එකම පවුලේ දරුවන් දෙදෙනෙකි.

 

දරුවන්ගේ මව පැරසිටමෝල් පෙති අධි මාත්‍රාවෙන් බී දිවි නසාගැනීමට තැත් කර ඇති අතර ඇය ද අසාධ්‍ය තත්ත්වයෙන් රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

 

ඒ අනුව, පොලීසිය සැක කරන්නේ මව දරු දෙදෙනා ඝාතනය කර ඇය දිවි හානි කරගැනීමට තැත් කර ඇති බවටය.

 

දරුවන් දෙදෙනා ළිඳට වැටී සිටියදී තමා ඔවුන් ගොඩට ගෙන අසල ලඳු කැලෑවෙන් තැබූ බව මව පොලීසියට සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

 

මියගිය දරුවන්ගේ ඥාතියෙක්,

 

“ඊයේ 2.45ට වගේ නාන්න ගියා. කිව්වා අක්කේ නාලා එහෙම එන්න අපි කෝවිල් යන්න ඕනේ කියලා. ඒ වෙලාවේ පොඩි ළමයා පිහිදාමින් හිටියේ. ලොකු එක්කෙනා නාමින් හිටියේ. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා ඇඳුම් එහෙම අරගෙන අවිත් තිබුණා. මම ඇහුවා මොකටද ඇඳුම් අරගෙන ආවේ කියලා. කෝවිල් ඇඳගෙන යන්න ඕනේ කියලා. ගෙදරට ගිහිල්ල නාලා එනකොට අල්ලපු ගෙදර ආච්චි කිව්වා ළමයින්ගේ ඇඳුමුත් අරගෙන ළමයින් දෙන්නත් උස්සගෙන යනවා කියලා. ඊට පස්සේ තමයි අපි දුවගෙන ආවේ. ඒ දුවගෙන එනකොට එයා නිදි. ළමයි දෙන්නා මැරිලා.”

 

මියගිය දරුවන්ගේ පියා,

 

“කිසිම ප්‍රශ්නයක් නැහැ සර්… කසාද බැඳලා ලොකු පුතා උපන්කාලේ එකම එක වතාවයි සර් ගැහුවේ. මේ ගැණිට අද වෙනකම් ගහලා නැහැ සර්.. මගේ අම්මාට වගේ සලකන්නේ සර්…”

 

 

Related posts

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

Editor O

ලංකාවේ කොරෝනා ආසාදිතයන් යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ජනපතිට අනුර‍ගෙන් චෝදනා පිට චෝදනා

Mohamed Dilsad

Leave a Comment