දේශීය

ඡන්දෙ ට මුදල් දීම අසීරු බව දැනුම්දෙයි

පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

 

ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අද (17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා සිදුකළ සාකච්ඡාවේදිය.

 

පසුගියදා නිකුත් කෙරුණු චක්‍රලේඛයක් සමගින් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන් කිරීමට හැකියාව තිබුණද මැතිවරණ කටයුතු එම චක්‍රලේඛය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර නොමැති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එහිදි පෙන්වා දී තිබේ.

 

එසේ වුවද අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන ආයතන වෙත මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබාගත යුතු බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 4 කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත්

Mohamed Dilsad

දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා රාජ්‍ය නිවේදිත නිලධාරීන්ට නියෝග

Mohamed Dilsad

Leave a Comment