දේශීය

සතොස භාණ්ඩ මිල තවත් අඩුකරයි

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව පහත සඳහන් භාණ්ඩවල මිල පහළ හෙළීම අද (16) සිට ක්‍රියාත්මක වේ.

 

අර්තාපල් අල කිලෝවක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 375කි.

 

ලොකු ළූණු කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 149කි.

 

ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල 198කි.

 

රතු පරිප්පු කිලෝවක් ද රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 358කි.

 

දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 5කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 164කි.

 

ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියල් රුපියල් 5කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 179කි.

 

 

Related posts

බෝගොල්ලාගම සහ ළමාහේවා අද ජනපති කොමිසමට

Mohamed Dilsad

මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා පැනවූ තහනම තවදුරටත්

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇතැමුන් කියන කතා අසත්‍යයි – ජනපති

Editor O

Leave a Comment