Trending News

අද සහ හෙට රට පුරා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

(උදයම්,කොළඹ)  –  අද (18) සහ හෙට (19) දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමංත්‍යංශය තීරණය කරයි.

මේ වන විට දිවයින පුරා සීග්‍ර ලෙස පැතිර යන ඩෙංගු රෝගී තත්වය පාලනය කිරීම සඳහා මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

විශේෂයෙන් ඩෙංගු අධි අවධානම් කලාප ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ගතවූ මස 05 ක් වැනි කාලය තුළ ඩෙංගු රෝගීන් 43,915ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 125ක් වාර්තා වී තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මඩකළපුව, කල්මුණේ , කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, යාපනය, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක 13 ක ඩෙංගු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වන දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව පළාත් පාලන ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ සහය ඇතිව අද සහ හෙට මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related posts

නව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා බහු පාර්ශ්වීය සාකච්ඡාවක්

Editor O

All Ceylon Jamiyathul Ulema instructs mosques to control sound during prayers

Mohamed Dilsad

எம்பிலிப்பிட்டி மருத்துவமனையின் சிற்றூழியர்கள் தொடர் பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

Leave a Comment