දේශීය

බෙනඩික් පාප් වහන්සේගේ ස්වර්ගස්ථය වෙනුවෙන් සොව පළකෙරේ

හිටපු පාප් වහන්සේ වන 16 වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලොව පුරා සිටින සියලුම කතෝලික ප්‍රජාවට සිය ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරයි.

 

එමෙන්ම උන්වහන්සේගේ අභාවය සම්බන්ධයෙන් සියලුම ශ්‍රී ලංකිකයන්ගේ මෙන්ම විශේෂයෙන් මෙරට සිටින කතෝලික ජනතාවගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බව ද ජනාධිපතිවරයා සිය ශෝක පණිවිඩයෙන් දන්වා ඇත.

 

95 වැනි වියේ පසුවූ හිටපු පාප් වහන්සේ වතිකානයේ පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ විය.

 

හිටපු පාප් වහන්සේගේ දේහය එළඹෙන සඳුදා සිට මහජන ගෞරවය සඳහා වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කිරීමට නියමිතය.

 

දේහය පිළිබඳ අවසන් කටයුතු වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේදී ජනවාරි 05 වනදා සිදුකෙරෙන බවද නිවේදනය කර තිබේ.

 

 

Related posts

මැතිවරණයට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

සුනාමියෙන් මිය ගිය අය සිහිපත් කර හෙට නිහඬතාවය රකින්න [VIDEO]

Mohamed Dilsad

මෙවර කොළඹ අවසන් නිල ජන්ද ප්‍රථිපලය නිකුත් කරන ස්ථානය

Mohamed Dilsad

Leave a Comment