දේශීය

සියයට 2000කින් විදුලි බිල ඉහළ දමන්න යෝජනා කරලා – pucsl

හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අදහස් දැක්වීය.

 

එහිදී අදහස් දක්වමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ඒකක 0 සිට 30 දක්වා පාරිභෝගිකයින් සඳහා විදුලි බිල සියයට 2000කින් ඉහළදැමීමට යෝජනා කර ඇති බවය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා,

 

“හෙට කැබිනට් මණ්ඩලයට යන විදුලිය පිළිබඳ සංශෝධනයේ ගණන් මිණුම් ටිකක් ඇනලයිස් කරා ඊයේ.. යෝජනා කරන්න යන්නේ ඒකක 0-30ත් 31-61ත් 61-90ත් ඒ වගේම 91-120ත් අතර පරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් තමයි මේකේ යෝජනාව තියෙන්නේ. මම හිතන්නේ මේක එච්චර හොඳ කාරණාවක් නෙමෙයි. ඒකට හේතුව තමයි අපි දන්නවා. පාරිභෝගිකයින් ගෙවන ප්‍රතිශතය 0-30ත් අතර විදුලි ගාස්තුව සාමන්‍යයෙන් 2003කින් පමණ වැඩිකිරීමට තමයි මේකේ යෝජනා කරලා තියෙන්නේ. ඒකක 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන ලක්ෂ 50ක් විතර ලංකාවේ ඉන්නවා. මේ අය තමයි අඩුආදයම් ලබන පාරිභෝගිකයින්. මෙයාලගේ විදුලි බිල මේ විදිහට වැඩි කරොත් එහෙම අපි දන්නවා මේ තියෙන අපහසුකම් මධ්‍යයේ මේ ජනතාවට මේ විදුලි බිල ගෙවාගැනීමේ හැකියාවක් නැහැ. 0-30 අතර සියයට 2000 ගුණයකින් වැඩිකිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ 31-60ත් අතර ඒකක 120ට වඩා අඩුවෙන් පාවිච්චිකරන සියලුම පාරිභෝගිකයින්ගෙන් ඊළඟ අවුරුද්දේ බිලියන 80ක පමණ අමතර ආදායමක් ලබාගැනීමට තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක අසාධාරණ යෝජනාවක් නිසා මේ අවස්ථාව වන විට පසුගිය මාස 4 ඇතුළත්, මේ මාසයේ ඇතුළත් ලංකා විදුලිබල මණ්ඩය මෙහෙයුම් ලාභයක් ලබනවා.”

Related posts

ලබන වසරේ ජනසංගණනයක්

Mohamed Dilsad

මෙරටදී සිදුකළ PCR පරීක්ෂණ ගණන 130,000 ක්

Mohamed Dilsad

බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment