දේශීය

මේක ශ්‍රී ගෞතම බුද්ධ මන්දිරයක් – ජානක සේනාධිපති

ව්‍යාජ දළඳා මාළිගාවක් ඉදිකරමින් පවතින බවට චෝදනා එල්ල වන ජානක සේනාධිපති නම් පුද්ගලයා අද (06) මාධ්‍ය හමුවක් පවත්වා තිබුණි.

 

තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු එහිදී සඳහන් කළේ දළදා වහන්සේ වැඩ සිටින්නේ මහනුවර දළදා මාළිගයේ බවට තමන්ද පිළිගන්නා බවය.

 

කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ජානක සේනාධිපති නමැති පුද්ගලයෙක් ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකරමින් සිටින බව පවසමින් මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේලා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි.

 

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

 

මේ අතර, ජනහිත පෙරමුණ සංවිධානය අද මහනුවර ගැටඹේ රාජෝපවනාරාමය වෙත ගොස් ජානක සේනාධිපතිගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් දැනුවත් කර තිබුණි.

 

විහාරාධිපති හිමියන් වෙත කරුණු පැහැදිලි කරමින් සිටින අතරවාරයේ ඔහුට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ද පැමිණියේය.

Related posts

සජිත් ප්‍රේමදාස නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Mohamed Dilsad

මුජිබර්, කාවින්ද එක්ක නීතිඥ එරන්දත් ජිනීවා යයි

Mohamed Dilsad

රන්ජන් යළි අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment