දේශීය

අම්පාරේ කුඹුරු අක්කර ගණනක් නෙමටෝඩා රෝගයට ගොදුරු වෙයි

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හේතුවෙන් විනාශ වී ඇති වී වගාව සඳහා වන්දි ලබාදෙන්නැයි අම්පාරේ වී ගොවීන් රජයෙන් ඉල්ලා සිටී.

 

ගොවි සංවිධාන නියෝජිතයින් පවසන්නේ මුදල්වලට සහතික ලබාගත් කාබනික පොහොර සමාගම් සහ ඒවා අනුමත කළ නිලධාරින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවය.

 

වී වගා කර ඇති ගොවි ජනපද බොහොමයක ගොයම් ගස් කහ පැහැගැන්වෙන නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය ව්‍යාප්ත වෙමින් පවතී.

 

අම්පාර උහන වලගම්පුර ප්‍රදේශයේ කුඹුරු අක්කර දහසකට වැඩි ප්‍රමාණයකට මේ වන විට මෙම රෝගය වැළදී තිබේ.

 

මේ පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකළ වැඩිදුර පරික්ෂා කිරීම්වලදි කොම්පෝස්ට් පොහොර සාම්පලවල තිබි නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණුවන් බහුල වශයෙන් සිටින බවට තහවුරු වී තිබුණි.

 

රසායනික පොහොර තහනම් කරනු ලැබිමෙන් අනතුරුව කාබනික පොහොර විවිධ ආයතන මගින් ගොවි ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු කිරීමේදී විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කර ඇති ද යන්න පිළිබඳ සැකයක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව මෙම මූල ගැටිති වටපණු රෝගය මර්දනය සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ

Mohamed Dilsad

ජාත්‍යන්තර 20-20 තරඟවල පැතුම් නිශ්ශංක තෙවෙනි තැනට

Editor O

20 වන සංශෝධනයට අදාළ විවාදය ඔක්තෝම්බර් මස

Mohamed Dilsad

Leave a Comment