දේශීය

රුපියල ශක්තිමත් වෙයි

2023 වසරේ ජනවාරි 20වනදා දක්වා කාලය තුළදී රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

කෙසේවෙතත් අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යුරෝවලට සාපේක්ෂව සියයට 1.5කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.5කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 1.6කින් සහ ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 2.6කින් අවප්‍රමාණය වී ඇත.

 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන්ව ඇත.

 

2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී තිබුණි.

 

 

Related posts

සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ

Mohamed Dilsad

දේශීය, බටහිර වෛද්‍ය රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස පිළිගනී [RELEASE]

Mohamed Dilsad

විදෙස්ගත රැකියා කරන අය, ජනවාරි මාසයේ දී, ඇ.ඩො.මි 573ක් ශ්‍රී ලංකාවට එවලා

Editor O

Leave a Comment