දේශීය

රුපියල ශක්තිමත් වෙයි

2023 වසරේ ජනවාරි 20වනදා දක්වා කාලය තුළදී රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

කෙසේවෙතත් අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යුරෝවලට සාපේක්ෂව සියයට 1.5කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.5කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 1.6කින් සහ ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 2.6කින් අවප්‍රමාණය වී ඇත.

 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන්ව ඇත.

 

2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී තිබුණි.

 

 

Related posts

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

Mohamed Dilsad

ගංගාවල් හරහා පැමිණෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් බෙංගාල බොක්කෙහි මළ මුහුදක් නිර්මාණය වේ

Mohamed Dilsad

මිනිස් ජාවාරමේ නිරතවන්නන් සොයා පොලිස් විමර්ශණ

Mohamed Dilsad

Leave a Comment