දේශීය

එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල ගැන දැනුම්දීමක්

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වැය කළ හැකි මුදල රුපියල් 20 ක් බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව කොට්ඨාස සඳහා තරග කරන අපේක්ෂකයන්ට ඔහු තරග කරන කොට්ඨාසයේ සිටින ඡන්ද දාකයකයන් සංඛාව රුපියල් 20 න් වැඩිකර ලැබෙන මුදල් ප්‍රමාණය ඔවුන්ගේ සීමාව බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නාක සඳහන් කළා.

දේශපාන පක්ෂ සඳහා එම මුළු පළාත් පාලන ආයතනයේ ඡන්ද දායකයන් සංඛ්‍යාව රුපියල් 20 න් වැඩිකර ලැබෙන මුදල් ප්‍රමාණයෙන් 60% ක මුදල් ප්‍රමාණය පක්ෂයේ මැතිවරණ වියදම් සීමාව බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ලක්‍ෂ 59ක මුදල් වංචාවකට මාලිමා මන්ත‍්‍රී රිමාන්ඩ් කෙරේ

Editor O

විදුලි මෝටර් රථයක් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 20 කට

Editor O

රටවල් 143 ක සිටින ලාංකිකයන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන්

Mohamed Dilsad

Leave a Comment