දේශීය

සර්වපාක්ෂික හමුවක් හෙට ජනපති ප්‍රධානත්වයෙන්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26) ප.ව 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනට ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්වීමෙන් පසු 2022 දෙසැම්බර් 13 දින කැඳවන ලද පක්ෂ නායක හමුවේ දී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති අතර ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවක් ඇති කර ගැනීමට ද නියමිතයි.

Related posts

අද විදුලි කප්පාදු කාලසටහන

Mohamed Dilsad

ඉන්ධන බද්ධ අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

කුකුළු මස් මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment