දේශීය

මැතිවරණය පැවැත්වීම සුදුසුද නැද්ද කියන එක මහ බැංකුවට අදාළ කාරණයක් නෙවෙයි – මහ බැංකු අධිපති

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද ? නැද්ද ? යන්න මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහ බැංකුව යනු රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආයතනයක් බවත් මැතිවරණය එම රාමුවෙන් පිටත තියෙන දෙයක් බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

මැතිවරණයක් තිබුත් හෝ නොමැති වුවත් ආර්ථීක අර්බුදයකින් ගොඩ ඒම සඳහා අසීරු ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් දැනට කරගෙන ගිය ක්‍රියාවලිය සෑහෙන්න සාර්ථකවී ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

විදේශ විනිමය පැත්තෙන් විශාල හිඟයක් බැංකු ක්‍රමය තුළ නොමැති බවත් වෙළඳපොළ තුළ මුදල් ඇති බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

මහ කන්නයේ වී මිලදී ගැනීමේ මෙහෙයුමට ත්‍රිවිද හමුදා සහයත් ලබා ගනී.

Editor O

මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම් සළකා බැලීම 4 වන දිනයටත්

Mohamed Dilsad

මැතිව්ස් කඩඉමක් පසුකරයි

Mohamed Dilsad

Leave a Comment