දේශීය

උසස් පෙළ අවසන් වන තෙක් විදුලිය කප්පාදු නොකිරීමට එකඟතාවයක්

අද (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී ඇති බව මානව හිමිකම් කොමිසම පවසනවා.

ඒ අනුව එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු සියලු පාර්ශව එකළඟතාව පළ කර බවයි නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබුණා.

Related posts

ඖෂධ වර්ග 300 වැඩි ප්‍රමාණයක් හිඟයි…! ගේන්න මාස 09ක්…? – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නගෙන් ප්‍රකාශයක්

Editor O

ලෝක ගුවන් විදුලි දිනය අදයි

Mohamed Dilsad

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සැමරුම සහ අගමැති ජන්මදිනය අදයි

Mohamed Dilsad

Leave a Comment