දේශීය

ඡන්දය තියන්න අභියෝගයක්! මුදල් ලේකම් අධිකරණයට කියයි

රාජ්‍ය ආදායම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඡන්දයට මුදල් සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් විය හැකි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත්කළ රිට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව රාජ්‍ය වැටුප් ගෙවීමට පවා අපහසු තත්ත්වයක් නිර්මාණයවී ඇති බැවින් රාජ්‍ය සේවක වැටුප් කොටස් දෙකකින් ගෙවීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල යෝජනාවක්ද සම්මත කරගෙන ඇති බවද දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙන්වාදී තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පවා මුදල් වෙන් කිරීම අපහසු තත්ත්වයක් නිර්මාණය වී තිබියදී මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම මහා භාණ්ඩාරයට දැඩි අභියෝගයක් වනු ඇති බවත් ඒ හේතුවෙන් මෙරට ආර්ථික තත්ත්වය වඩාත් අයහපත් තත්ත්වයට පත්වනු ඇති බවයි මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සිය දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර තිබෙනවා.

Related posts

සියළුම දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

ජනපති දිවයිනට

Mohamed Dilsad

රවී ඇතුළු 8 දෙනා වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානයට

Mohamed Dilsad

Leave a Comment