Trending News

අපගමන බද්ද ගැන සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් කරුණු පැහැදිළි කිරීමක්

කටුනායක ඇතුළු ගුවන් තොටුපල හෝ වරාය ඔස්සේ විදේශ ගතවන අය සදහා ඇමරිකානු ඩෝලර් 60 ක නව අපගමන බද්දක් (Embarkation Levy) රජය විසින් පනවා ඇති බවට හුවමාරු වන වාර්තා නොමග යවන සුලු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සදහන් කලේ මෙම ඩෝලර් 60 ක මුදල දැනට වසර ගණනාවක් පුරා සාමන්‍ය‍යෙන් අය කරනු ලබන ගාස්තුවක් බවයි.

මුදල් පනතේ බලතල ප්‍රකාරව ඊට අදාල ගැසට් නිවේදනය කලින් කලට අදාළ මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලබන අතර මීට පෙර 2019 වසරේදී එවක මුදල් අමාත්‍ය මංගල සමරවීරද මෙම ඩෝලර් 60 ක මුදල සදහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

குவைத்தில் விசா இன்றி தங்கியுள்ள இலங்கையர்கள் நாடு திரும்ப வாய்ப்பு

Mohamed Dilsad

බුද්ධි අංශ අනාවරණයකින් පසු තමිල්නාඩු ආරක්ෂාව තර කරයි

Mohamed Dilsad

President inspects construction work of National Nephrology Hospital in Polonnaruwa

Mohamed Dilsad

Leave a Comment