දේශීය

පළාත් පාලන මැතිවරණයට එරෙහිව පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

 

විශ්‍රාමික යුධ හමුදා කර්නල් වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් පෙත්සම ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සමාජිකයින්, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

 

  • පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව දැරීමට සිදුවන වියදම පිළිබඳව තමන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළ බවත් ඒ අනුව අදාළ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක පමණ මුදලක් වැය වන බවට මැතිවරණ කොමිසම විසින් තමන්ට දැනුම් දුන්නේ යැයි ද පෙත්සම්කරු පවසනවා.

Related posts

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ධීවර සහ නාවික කටයුතු වලින් වළකින්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment