විදෙස්

රිෂාබ් පාන්ට්ගේ රිය අනතුරේ දර්ශන මාධ්‍ය වෙත නිකුත් වෙයි (VIDEO)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රිෂාබ් පාන්ට් රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ඇති අතර එම අනතුරෙහි දර්ශන මාධ්‍ය වෙත නිකුත්වී තිබෙනවා.

 

25 හැවිරිදි ඔහු රූර්කි හි පිහිටි ඔහුගේ නිවසේ සිට නවදිල්ලිය දක්වා ධාවනය කරමින් සිටියදී අලුයම 5:15 ට පමණ ඔහුගේ වාහනය මාර්ග වෙන් කරන ස්ථානයක ගැටී ඇති බවයි සඳහන් වන්නේ.

 

ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ පැන්ට්ගේ මෝටර් රථය ගිනිගෙන ඇති නමුත් ඔහුගේ හිසට, පිටුපසට සහ පාදවලට තුවාල වුවද ඔහුට වාහනයෙන් ඉවත්වීමට හැකිවූ බවයි.

 

ඔහුගේ තුවාලවල ප්‍රමාණය තීරණය කිරීම සඳහා MRI ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

 

 

Related posts

ඇමෙරිකාවේ කොලරාඩෝ හී වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 ක් මරුට

Mohamed Dilsad

නේපාලයේ කත්මන්ඩු නුවරට ගුවන් යානයක් කඩා වැටේ

Mohamed Dilsad

ඉන්දුනීසියාව සෙලවෙයි

Mohamed Dilsad

Leave a Comment