දේශීය

යළිත් ඩෙංගු අවදානමක් – විශේෂ ඩෙංගු මර්දන දින දෙකකුත් වෙන් කරයි

2023 වර්ෂයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වී‌මේ අරමුණින් 2022 දෙසැම්බර් මස 30 හා 31 දින විශේෂ ඩෙංගු රෝග මර්දන දින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

ඒ අනුව මෙම දෙදින තුළ සියලුම පුරවැසියන් තම නිවස හා නිවස අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒ්වා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

2022 වසරේ දෙසැම්බර් 26 වන දින විට ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 75,434 ක් වාර්තාවී ඇති අතර එය පසුගිය වසරේ වාර්තා වූ ප්‍ර මාණයට වඩා දෙගුණයකට වඩා වැඩි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

 

 

Related posts

ජනපති උපදෙසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අගනා අවස්ථාවක්

Mohamed Dilsad

ඇමති බැසිල් මෙම මාසය අවසන්වීමට පෙර ඉන්දියාවේ

Mohamed Dilsad

ණය ප්‍රශස්තකරණයට ප්‍රංශයේ සහාය

Mohamed Dilsad

Leave a Comment