ක්‍රීඩා

ICCයෙන් වනිඳුට අලුත් තැනක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ICC එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

ඒ අනුව ප්‍රසාද ලකුණු 235ක් හිමිකරගනිමින් වනිඳු හිමිකරගෙන ඇති ස්ථානය වන්නේ 8වන ස්ථානයයි.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංගයි.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ හිමිකරගෙන සිටින්නේ Shakib Al Hasan.

සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්විය.

එසේම ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවෙයි.

Related posts

ආසියානු යොවුන් බොක්සිං තරගාවලිය අද ෆුජයිරා හිදී ඇරඹේ

Mohamed Dilsad

ප්‍රවීන ක්‍රිකට් උපදේශකයන් දෙදෙනෙක්ට අයි.සී.සී ‌යෙන් ආරාධනාවක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කරයි

Mohamed Dilsad

Leave a Comment